(ඩී.කේ.රත්න)
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නගරවල නතර කර ඇති රථවාහනවලින් බැටරි සොරකම්කළ පුද්ගලයින් දෙදෙනෙකු බැටරි දහයක් සමඟ අද (16) හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතයි හාලිඇල පොලිසිය පවසයි.
හාලිඇල ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 27 සහ 30 ක පුද්ගලයෙකු මෙසේ හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් කාලයක සිට හාලිඇල , බදුල්ල , කන්දකැටිය ඇල්ල සහ මඩොල්සිම ප‍්‍රදේශවල නගරකර ඇති රථවාහන වලින් බැටරි ගලවා අලවි කර ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.


