වාහන උස්සා මස් කරන 3 ක් මාට්ටු


( තිලකරත්න දිසානායක)

වාහන සොරාගෙන කොටස් කිරීමේ නිරත බව කියන පුද්ගලයින් තිදෙනෙකු සමග සගවා තිබූ වාහනයක කොටස් අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 

වයස 28 - 35 අතර වයසේ පසුවන සැකකරුවන් ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි. 

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාට ලැබී ඇති තොරතුරක් මත සැකකරුවන් සමග පැහැරගෙන ගොස්  උග්ගල්බඩ ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී  රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෝටර් රථයක සියලුම කොටස් සොයා ගැනීමට හැකිව ඇත. 

මෙම මෝටර්රථය මීට කලකට පෙර ජාඇල ප්‍රදේශයේදී පැහැරගත්  එකක් බව අනාවරණයවී ඇති අතර මෙය මීගමුව ප්‍රදේශයේ අයෙකුට අයත් බව හෙලිව ඇති බවද පොලීසිය පවසයි. 

මොවුන් තවත් වාහන පැහැරගෙන ගොස් මෙලෙස කොටස්කර අලෙවි කොට තිබේද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන කිරීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන් ගේ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චතුරංග,  සැරයන්  ( 2284 ) පුෂ්පකුමාර,  කොස්තාපල්වරුන්වන (94007) ප්‍රියන්ත සහ ගුණවර්ධන (30131 ) යන නිලධාරීන් පරීක්ෂණ සිදුකොට ඇති අතර සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.