වායු රයිෆලයක් සමඟ සංචාරක මගපෙන්වන්නෙකු අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)
 
සිය නිවසේ වායු රයිෆලයක් තබාගෙන සිටි සංචාරක මගපෙන්වන්නෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොඩ පිටියගොඩ පදිංචි 34 හැවිරිදි අයෙකි.
 
හෙරොයින් මිලිග්‍රෑම් 1700ක් සමඟ මොහු අත්අඩංගුවට ගෙන නිවස ද පරීක්ෂා කිරීමේදී මෙම රයිෆලය හමුවී තිබේ.
 
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අහුන්ගල්ල පොලිසිය වෙත බාරදි ඇති අතර අද(30) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.