බිමල් ෂ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම රයිගම කුඹුක පාරේ පෞද්ගලික ආයතන භූමියක් තුළ දී වායු පීඩන යන්ත්‍රය පිපිරීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ 45 හැවිරිදි අයෙකි .
ආයතන භූමියේ කානුවක් සකස් කිරීමට බාධාවක්ව පවතින විශාල කළු ගලක් කැඩීම සඳහා මියගිය පුද්ගලයා කොන්ත්‍රාත් ලබා ගෙන තිබූ අතර සේවකයෙකු ඊට මීටර් දහයක් පමණ ඈතින් ගල විදින අයුරු වායු පීඩන යන්ත්‍රය අසලට වී බලා සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
එම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේ ම මියගොස් ඇත .
මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර ඇත.බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .



