(එච්.එම් ධර්මපාල)
රුපියල් ලක්ෂ අටකට අධික වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටු 50 ක් , ජංගම දුරකතන දෙකක් සහ සිම් පත් දෙකක් සමඟ නුගේගොඩ ආපන ශාලාවකදී අද (03) පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවත් මොහු කොළඹ ප්‍රදේශයේ තාවකාලිකව නැවතුම් ගෙන මෙලෙස ව්‍යාජ නෝට්ටු ජාවාරමේ නිරත වී ඇති බවත් පොලිසිය කීය.
සැකකරු මීට පෙර රුපියල් ලක්ෂ 20 ක් වංචා කර ඇති බවත් ලක්ෂ 40 ක් මංකොල්ලකා ඇති බවත් ගල්කිස්ස බුද්ධි ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී හෙළි වී තිබේ.
ඩොලර් 100 නෝට්ටු 50 ක් රුපියල් ලක්ෂ අටකට ලබාදෙන බවට පුද්ගලයෙක් වෙත ලබා දුන් පොරොන්දුවක් සැකකරු වංචා සහගත ලෙස මගහැර තිබූ බවට කොහුවල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
ඒ අනුව එම පුද්ගලයා විසින් සැකකරු වෙත රුපියල් ලක්ෂ අටක මුදල නුගේගොඩ ආපන ශාලාවකට රැගෙන එන ලෙස කළ දැනුම් දීම අනුව සැකකරු ව්‍යාජ ඩොලර් නෝට්ටු රැගෙන විත් ගණදෙනුකරුට ලබා දීමේදී අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පැවැසීය.