වහලට නැගි ධීවරයෙක් උපවාසයක


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පයාගල කුඩාවැල්ලේ ධීවර සංස්ථාවට අයත් දෙමහල් ගොඩනැගිල්ලක වහලට මතට නැග ධීවරයකු අද(03) උපවාසයක් ආරම්භ කර ඇතැයි පයාගල පොලිසිය කියයි.
 
නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බෝට්ටු හා තහනම් දැල් ආම්පන්න තම ජීවිකාව ස ඳහා නැවත ලබාදෙන ලෙස ඉල්ලා ඔහු උපවාසයේ යෙදී සිටී.
 
එම පුද්ගලයා පයාගල වැල්ල පදිංචිකරුවෙකි.
 
මීට දින කිහිපයකට ඉහතදී මෙම පුද්ගලයා ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තහනම් දැල් ආම්පන්න උපයෝගී කරගෙන පයාගල මුහුදේදී මාලු අල්ලමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ධීවර නිලධාරීන්ට භාර දී තිබූ බව පොලිසිය කියයි.
 
එම පුද්ගලයන් සිව්දෙනාම අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.
 
පයාගල පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.