රංජිත් රාජපක්ෂ
කොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ඔහුගේ පවුලේ කිහිප දෙනෙකු හදුනාගැනිමෙන් පසු වසා දැමුණු නාවලපිටිය නගරය සිව්දිනකට පසු විවෘත කරයි.
නාවලපිටිය ප්‍රදේශයේ කොවිඩ් 19 වයිසරය අසාදනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ඔහුන්ගේ ඥාතින් කිහිපදෙනෙකු හදුනාගැනිමත් සමග නාවලපිටිය වෙලද සංගමය විසින් නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් වසා දැමිමට තිරණය කර තිබුණි.
එසේ වසා දමා තිබු නාවලපිටිය නගරයේ වෙලදසැල් සහ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කිරිමෙන් පසු අද (04) දින උදැසන විවෘත කරනු ලැබුහ.
නාවලපිටිය නගරයට පිවිසෙන සියළුම පාරිභෝගිකයන්ව නාවලපිටිය පොලිසිය මගින් නගර පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර පිලි පැදිය යුතු සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද පිලිබදව දැනුවත් කිරිමටද පියවර ගෙන තිබුණි.
නාවලපිටිය නගර සිව්දිනට පසුව විවෘත කලද නගරයට පාරිභෝගිකයන්ගේ පැමිණිමේ අඩුවක් පැවතුණි.