වවුනියාවේ කුඩා වැව් 742ම පිටාර ගලයි


(ප‍්‍රදීප් කුමාර)
 
මහ වැසි හේතුවෙන් වසර හතරකට පමණ පසුව වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් 742 ම පිටාර ගැලූ බව ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති.
 
වවුනියාව දිස්ත්‍රික්කයේ කල්ලාරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර එම ඔයෙන් පෝෂණය වන වැව් රාශියක් ද පිටාර ගැලීම ආරම්භ කර ඇත.
 
වවුනියාව මහ වැව, පුලියන්කුලම වැව, පාලෙමොට්ටෙයි වැව, ඒරුපතාන වැව ආදී වැව් කිහිපයකම ජලය පිටාරගැලීම ආරම්භ කර ඇත.
 
වැව් පිටාර ගැලීම හේතුවෙන් ඇතැම් පහත් බිම්ද ජලයෙන් යටවී තිබේ.