වවුනියාවේ එළවළු මිල ඉහළට


සිතුම් චතුරංග

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාව විශාල ප්‍රමාණයක් අද (27) දිනයේ වවුනියාව නගරයේ එළවළු මිළදී ගැනීමට පැමිණීමත් සමඟ එළවළු මිළ සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති.

වෙනත් ප්‍රදේශවල සිට පැමිණි වෙළෙදුන් විශාල පිරිසක් වවුනියාව නගරයේ එළවළු අලෙවි කළද ඉල්ලුම වැඩිවීම හේතුවෙන් එළවළු ව්‍යාපාරිකයින් විසින් මිළ ඉහළ දමා ඇතැයි පැවසීය.

ඒ අනුව කැරට් කිලෝවක මිල රුපියල් 350 ත් 400 වන අතර තක්කාලි කිලෝවක් රුපියල් 150 ත් 200 අතර මිලකට අලෙවි වේ.

බෝංචි කිලෝව රුපියල් 140 , ලූණු කිලෝව 200 , මාළුමිරිස් කිලෝව 140 , මෑකරල් කිලෝව 150 , වම්බටු කිලෝව 200 , ගෝවා කිලෝව 100 ක් හා වට්ටක්කා කිලෝව 120 කට වවුනියාව නගරයේ අලෙවි විය.

එළවළු මිළ වැඩිකිරීම හේතුවෙන් තමන් දැඩිලෙස අසීරුතාවට පත්ව ඇතැයිද ජනතාව වැඩිදුරටත් පැවසීය.