(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට අත්තනෝමතික ලෙස උසස්විම් ලබා දී ඇති හෙයින් එම උසස්වීම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවකයින් රියදුරන් ඇතුළු කොන්දොස්තරවරුන් අද (2) සේවයෙන් ඉවත්ව සිදුකළ වැඩ වර්ජනය නැවත්වීමට පියවර ගෙන ඇත.
වව්නියාව ලංගම බස් සෙවකියන් හා කොළඹ සමස්ත ලංකා වෘත්තීය බස් හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක සාමාජිකයින් සමඟ සිදුකළ සාකච්ඡාවකින් ඉදිරියේදී විසඳුම් ලබා දීමට පොරොන්දු වීමෙන් පසුව වැඩවර්ජනය අතහැර දැමීමට වව්නියාව ලංගම බස් සේවකයින් පියවර ගනු ලැබීය.
දේශපාලන හිතවත්කම් හා විවිධ බලපෑම් මත නීත්‍යනුකූල ක්‍රියාපටිපාටියකින් තොරව වවුනියාව ඩිපෝවේ ලංගම සේවකයින් 10 දෙනෙකු පමණ වව්නියාව ඩිපෝවේ කළමනාකාරු අත්තනෝමතික ලෙසට උසස්වීම් ලබාදී ඇති අතර එයින් ජ්‍යෙෂ්ඨ සේවකයින් වෙත දැඩි අසාධාරණයක් සිදුව ඇති හෙයින් වහාම කණිෂ්ඨ සේවකයින්ට ලබා දී ඇති උසස්වීම් අවලංගු කරන ලෙස පවසමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වූහ.
ලංගම සේවකයිනගේ වැඩවර්ජනය හේතුවෙන් වවුනියාව ඩිපෝවෙන් ධාවනය වීමට නියමිතව තිබූ බස්රථ සියල්ල අද දිනයේ ධාවනය නොවූ අතර එම හේතුවෙන් පාසල් සිසුන් හා රැකියා සඳහා පිටත්ව යන මගීන් විශාල පිරිසක් අපහසුතාවටයට පත්විය.

