(එස්.ඩි.කොඩිකාර)
වල්ලාපට්ටා කිලෝ 5 යි ග්‍රෑම් 400 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ඒවා කැපීමට යොදා ගත් කියත් දෙකක් සමඟ අද (04) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 24 ත් 27 ත් 34 ත් වයස් කාණ්ඩවල පසුවන කළුබෝවිටියන , අඹේවෙල ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
සැකකරුවන් අකුරැස්ස, විල්පිට රක්ෂිතයේ නවාතැන් ගෙන මෙම වල්ලාපට්ටා කපා ඉතා සූක්ෂමව බෑග් දෙකක සඟවා ත්‍රීරෝද රථයේ පිටුපස සඟවා රැගෙන එමින් තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.
ත්‍රීරෝද රථය මොරවක පොලිස්ථානය මගහැර අතු ඇළ ප්‍රදේශයේ මාර්ගයකින් තලපෙ කුඹුර හරහා ගමන් කරන අතරතුර පොලිසියට ලද තොරතුරක් මත තලපෙ කුඹුර ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදා ත්‍රීරෝද රථය සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය පරීක්ෂණ පවත්වයි.

