(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකට ලක්වූ වනජීවී අඩවි සහකාරවරයෙක් එම ස්ථානයේදීම අද (30) මියගොස් ඇත.
මෙසේ මරණයට පත්වී ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි පී.එම්.ඒ.ඩි.වෙන්දකඩුව නැමැති 57 හැවිරිදි පුද්ගලයෙකි.
කළාඔය අඩවියට අයත් කුඩාබෙල්ගෙකඩවල ප්‍රදේශයේ කුඩා ගල්ගෙ විහාරය පසුපස සිටි වන අලියකු ඇල්ලීමේ මෙහෙයුමක නිරත වී සිටියදී එම වන අලියාගේ ප්‍රහාරයට ලක්වී අඩවි සහකාරවරයා මරණයට පත්වී ඇත.
වනජීවී නිලධාරීන් නිර්වින්දන එන්නත් ලබාදී අලියාගේ පාද හා දැත් කඹ ආධාරයෙන් ගැට ගැසීමට සුදානම් වන අවස්ථාවේ එකවරම අලියා අඩවි සහකාරවරයාට පහර දී පගා තිබේ.
වන අලියාගේ ප්‍රහාරයට ලක්වූ අඩවි සහකාරවරයා තබුත්තේගම රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්වී සිටි බව වන ජීවි නිලධාරියෙක් පැවසීය.

