වයෝවෘද්ධ අඹුසැමි යුවළට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

වයෝවෘද්ධ අඹුසැමි යුවළකට පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ගෝනපතිරාවේදි අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාලියවැව ප්‍රදේශයේ පොලිසියකට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයාත් පහර කැමට ලක්වු 60 හැවිරිදි සැමියා සහ ඔහුගේ 57 හැවිරිදි බිරිදත් අසල්වාසින් බව පොලිසිය කියයි.

ඉඩමක වැට මායිමකට සිය මව සමග ආරාවුලක් සම්බන්ධයෙන් ඇතිවු බහින්බස් විමක් දුරදිග ගොස් මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් මෙම වයෝවෘද්ධ අඹු සැමියන් දෙපලට පහර දිමෙන් තුවාල ලැබු මොවුන් දෙදෙනා සේනපුර රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුලත් කොට තිබේ.

මෙම පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුට ගෙන තිබුණි.