(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනා නඩයකට පණුවන් සහිත ආහාර ලබා දුන් ආපන ශාලාවක් අද (15) මුද්‍රා තැබූ බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පවසති.
කුරුණැගල සිට පැමිණි 12 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් ශ්‍රී පාදස්ථානය කරුණා කර නල්ලතන්නියට පැමිණ ආහාර ලබා ගැනීම සඳහා නල්ලතන්නිය නගරයේ ආපන ශාලාවක් වෙත ගොස් ඇත.
එහිදී වන්දනා නඩයේ ඉල්ලීම පරිදි ආහාරය සඳහා බත්, ව්‍යාංජන සමඟ කුකුල් මස් ද ලබා දී තිබු බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරු කියති.
ආහාරය සඳහා බත් සමඟ ලබා දුන් කුකුල් මස් වල සිටි පණුවන් පිගන් මත දඟලමින් සිටි ආහාර ඇණවුම් කළ වන්දනා නඩය විසින් ඇණවුම් කළ ආහාරපාන විසි කර දමා ඒ පිළිබඳව නල්ලතන්නිය පොලිසිය වෙත සහ නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලය වෙත දැනුම් දි ඇත.
එම ආපනශාලා හිමියාට එරෙහිව හෙට (16) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පවසති.
නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ ශ්‍රී පාද වන්දනා සමයේ දී වන්දනාකරුවන් ගුණාත්මක ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් නල්ලතන්නිය නගරයේ සියලුම ආපනශාලා සහ වෙළඳසැල් හිමියන් දැනුවත් කර සති පතා එම වෙළඳසැල් සහ ආපනශාලා පිළිබඳව වාර්තාවක් ලබා ගන්නා බවයි.



