(මොහොමඩ් ආසික්)
වල් ඌරන් ඉත්තෑවුන් වැනි වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වැළැක්වීම සදහා අඩු වෝල්ටීයතාවයකින් යුත් විදුලි වැටක් හදුන්වාදීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් පළාතේ වගා හානි අවම කර ගැනීම සදහා මෙම විදුලි වැට ක්‍රමය වඩාත් පළල්ව ක්‍රියාත්මක කරන බවයි.
මෙයට අමතරව වගා හානි වැළැක්වීම සදහා ගැල්වනයිස් වැට ආවරණයක් ලබා දෙන බවත් රිළවුන් සහ දඩු ලේනුන්ගෙන් හානි වළක්වා ගැනීම සදහා වායු රයිෆල් ලබා දෙන බවද පළාත් අධ්‍යක්ෂවරයා තව දුරටත් කීය.