(ක.ග.කරුණාරත්න)
සීසෑම සඳහා කුඹුරට වතුර හැරවීමට ගිය පුද්ගලයෙකුට හෙනානිගල , මාවනාගම ප‍්‍රදේශයේදී අද (04) වන අලියෙකු පහර දීමෙන් මරණයට පත්වී ඇතැයි දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය , හෙනානිගල , මාවනාගම පදිංචිව සිටි තිදරු පියෙකු වන රත්නායක මුදියන්සේලාගේ දිසානායක නැමැති 55 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.