(දියතලාව - ඩී.කේ.රත්න)
තණමල්විල උඩවලව මාර්ගයේ 13 කණුව අසල උඩවලව රක්ෂිතයේ තිබී අභිරහස් අන්දමින් මියගිය වන අලියකුගේ මළ සිරුරක් අද (04) උඩවලව වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
වසස අවුරුදු 4ක් පමණ වන අභිරහස් අන්දමින් මියගිය වන අලියකුගේ මළ සිරුරක් මෙසේ වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ප්‍රදේශවාසී පුද්ගලයෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වන අලියාගේ මළසිරුර වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
මෙම වන අලියා මියයෑමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම වන අලියාගේ මරණ පරීක්ෂණය වනජීවී පශු වෙද්‍ය නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතය.
තණමල්විල පොලිසියේ නිලධාරීන් සහ උඩවලව වනජීවී කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

