වන අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට


(ක.ග.කරුණාරත්න)

වැලිකන්ද,මහවැලි සිංහපුර,දිඹුලාන ප‍්‍රදේශයේදී අද(02) අලූයම 5.30ට පමණ වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි  වැලිකන්ද පොලීසිය කියයි.
 
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැලිකන්ද,මහවැලි සිංහපුර,දිඹුලාන.අංක115 ලිපිනයේ පදිංචිව සිටි 55 හැවිරිදි දෙදරු පියකු වන ඞී.එම්.ගුණතිලක යන අයයි.

එම පුද්ගලයා සිය නිවෙසේ සිට කුඹුරට යමින් සිටියදී අලියාගේ පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අණාවරණයවී තිබේ.

වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.