(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව දිවුල්ගස්වැව කුඹුක්වැව ප්‍රදේශයේදී වන අලියකු පහර දීමෙන් පුද්ගලයෙක් අද (01) මියගොස් ඇතැයි සාලියවැව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ කුඹුක්වැව පදිංචි 38 හැවිරිදි අනුර නිශ්ශංක රංවල නැමති තිදරු පියෙකු බව පොලිසිය කියයි.
කුඹුක්වැව කුඹුරු යායකට කඩා වැදුන වන අලි රංචුවක් පලවා හැරීමට ගිය පිරිසක් මෙම සිද්ධියට මුහුණදී තිබේ.
මෙම සිද්ධියෙන් හය දෙනෙකු දිවි බේරාගෙන තිබේ.

