වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට


(සමන් පාලිත නානායක්කාර)

මහඔය අරන්තලාව වැලිගහකණ්ඩිය වැවෙහි මාලු ඇල්ලීම සඳහා ගිය පුද්ගලයෙකු අද (31) වන අලි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති බව මහඔය පොලිසිය කියයි. 

මෙසේ මියගොස් ඇත්තේ අරන්තලාව 30 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුමනරත්න නැමැති 45 හැවිරිදි අවිවාහක  පුද්ගලයෙකි.

අරන්තලාව මාර්ගයේ සිට කිලෝමීටර් තුනක් පමණ නුදුරින් කැලෑබද ප්‍රදේශයක දී වන අලි ප්‍රහාරය එල්ලවී තිබේ. මාළු ඇල්ලීම සඳහා තවත් දෙදෙනකු සමඟ ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා වන අලියකුගේ  ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කීය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහඔය දිසා රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.