(ප්‍රියානි මංගලිකා )
.
කොටවෙහෙර ගිරිල්ල ප්‍රදේශයේ , උඩ ගිරිල්ල වැව් ඉස්මත්තේදී වල් අලි ප්‍රහාරයකට ලක්වූ මේසන් බාස් වරයෙකු (66)මරණයට පත්ව ඇති බව අද(09) පොලිසිය පැවසීය.
.

මෙසේ මියගොස් ඇත්තේ ගිරිල්ල ප්‍රදේශයේ පදිංචි ඩී.එම් .සිරිවර්ධන (66) නැමති තිදරු පියෙකි.
මිය ගිය අය උදෑසන වැව් ඉස්මත්තේ ඇති බිම්මල් (හතු) කැඩීම සඳහා වැවට ගොස් ඇති අතර ,එහිදී වල් අලියාගේ පුහාරයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .
පසුව වල්අලි ප්‍රහාරයට ලක්ව වැටී සිටි අය නිකවැරටිය රෝහලට ඇතුලත් කරන විටද මිය ගොස් සිටි බවද පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය අද 09 දා නිකවැරටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි .