(නවරත්න සමරතුංග)
දමන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ආර්.ඇම්.රංජිත් බණ්ඩාර මහතාට අද (06) සවස වන අලියෙකු පහර දී ඇතැයිද, ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද දමන පොලීසිය පැවසීය.
ඒ මහතා, බක්මියාව වනගත මාර්ගයේ කෝවිල් හංදිය නැමති ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අලියා පහර දී ඇත. පහරදීමෙන් ඔහුගේ අතකට සහ පිට ප්‍රදේශයට තුවාල සිදුවී තොට්ටම රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර ලබාදීම සඳහා අම්පාර මහරෝහලට ඇතුලත් කර තිබේ.
මන්ත්‍රීවරයා දුෂ්කර ගම්මානයක් වන බක්මිටියා ප්‍රදේශය භාරව කටයුතු කරන අතර රාජකාරි කටයුත්තක් සඳහා ගොස් එමින් සිටියදී අලි ප්‍රහාරයට ලක්වූ බව දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා කීය.
සිද්ධිය සම්බන්ධව දමන පොලීසිය පරීක්ෂණ පවත්වයි.