(ශාන්ත චන්ද්‍රසිරි)
ඇදිරි නීති සිමාවන් ලිහිල් කිරීමත් සමග උඩරට වතුකරයේ රජයේ කාර්යාලය හා පුද්ගලික ආයතනයන්ගේ වැඩ කටයුතු සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව අද (20) සිදු කරනු අයුරු දැක ගන්නට ලැබිණි.
රජයේ කාර්යාලයන්වල දෛනික රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර දෑත් පිරිසුදු කර මුඛ ආවරණ පැළැදගෙන සිය රාජකාරි කටයුතු සිදු කෙරණ අයුරුද දැක ගන්නට ලැබිණි.
රජයේ හා පුද්ගලික ආයතනයන්ගේ වැඩ කටයතු ආරම්භ කිරීමේදි සියළුම සේවකයන් දෑත් පිරිසිදු කර මුඛ ආවරණ පැළැද මීටරයක දුර තබාගෙන නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිය රාජකාරි කටයුතුවල නිරතව සිටියහ.
ඇදිරි නීති සීමාවන් මෙසේ ලිහිල් කිරීමත් සමග උඩරට වතුකරයේ දෛනික කටයුතු සාමාන්‍ය අතට හැරමින් පැවැති අයුරු වතුකරයේ නගරවල දක්නට ලැබුණු අතර, එහෙත් බොහෝ පිරිසක් නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් මෙන්ම මුඛ ආවරණ පැලැදීමකින් තොරව නගර හා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් ගමන් කරන අයුරුද දැක ගත හැකිය.