වත්තලට පැය 18 ක් වතුර කපයි


(තිස්ස කොටින්කඩුව)                           

වත්තල ප්‍රදේශයේ ජල සමිපාදන ක්‍රමයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශයේ කොටාඨාස කිපයකට ජල සැපයුම අද දින (03) පෙරවරු 10-00 සිට හෙට දින(04) අලුයම 4-00 දක්වා පැය 18 ක් අත්හිටු වීමට නියමිතව ඇති බව ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ වැලිසර උප කාර්යාලය පවසයි. 

                                                  
‍මේ අනුව වත්තල හේකිත්ත, පල්ලිය වත්ත,වත්තල වැලි අමුණ,බලගල-ගලගහදුව-මරදාන පාර-ඇලකනද සහ හැදල පාරේ කොටසකට අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටවන බව වැලිසර ජාතික ජල සමිපාදන හා ජලාපවාහන උප කාර්යාලය පවසයි.