(නිශාන්ත කුමාර)
හසලක තෝරපිටිය ගම්මානයට තර්ජනයක්ව සිට මිය ගිය වන අලියකුගේ සිරුර ආගමික වතාවත් කර පැන් වඩා මිහිදන් කිරීමට එම ගම්වැසියෝ කටයුතු කළහ.
අලියා මියගිය පසු, මළ සිරුර සම්බන්ධයෙන් අදාළ අංශ පරීක්ෂා කිරීමෙන් පසු ගම්වාසීහු තෝරපිටිය ශ්‍රී නීග්‍රෝධාරාමාධිපති උඩදුම්බර ප්‍රධාන සංඝ නායක පණ්ඩිත පොද්දල්ගොඩ ධම්මාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් ඉටුකළහ.
ගම්මානයේ වෙල්යායක අලියාගේ මළ සිරුර මිහිදන් කිරීමට ගම්වාසීහු කටයුතු කළහ.
වසර ගණනාවක් සිය වගාවන්ට හානි කරමින්, මිනිස් ජීවිත බිලිගනිමින් මහත් විනාශයක් කළ මෙම අලියා වෙනුවෙන් ගම්මුන් කළ ක්‍රියාව බොහෝදෙනකුගේ පැසසුමට ලක්විය.






