වක්වැල්ලේ කසිප්පු තිප්පොළට එරෙහිව විරෝධයක්



 
 
සිරංගිකා ලොකුකරවිට
 

 
කසිප්පු තිප්පලකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් ගාල්ල වක්වැල්ලේ ගම්වාසීහු වක්වැල්ල හන්දියේ දී මාර්ගය හරස්කර උද්ඝෝෂණයක නිරතවූහ. 
 
ගම්වාසීන් 200ක පමණ පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටි අතර එම ස්ථානයට පැමිණි සුරාබදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් කසිප්පු තිප්පලට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියහ.
 
ගැමියන් පවසන්නේ කසිප්පු සහ හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.