ලොරියකින් කොස්-ටූනා දැව ගෙනයද්දී දැලේ


(ඩබ්ලිව්.ඒ. අසේල)

උඩුවෙල හන්තාන ප්‍රදේශයේ දී නීතිවිරෝධීව කොස් හා ටූනා දැව ප්‍රවාහනය කරමින් සිටි  දෙදෙනෙකු ලොරි රථයක් සමග අද(14) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනාගෙන් අයෙකු පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් තරග කළ අපේක්ෂකයෙකු ද වන අතර, ඔවුන් ඉරූ  දැව කොටස් 80ක් පමණ මෙම ලොරි රථයේ පටවාගෙන ගොස් ඇත.

සැකකරුවෝ තලාතුඔය උඩුවෙල පදිංචිකරුවෝ වෙති.

ඔවුන් හෙට(14) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.