(මොහොමඩ් ආසික්)
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ලොරි රථයක් සඳහා ලබා දී තිබූ බලපත්‍රයක් ත්‍රීරෝද රථයක ව්‍යාජ ලෙස සවි කර ගෙන අකුරණ නගරයට පැමිණි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්බව අලවතුගොඩ පොලිසිය පැවසීය.
කොරෝනා ආසාදිත රෝගීන් හමු වීමත් සමඟ අකුරණ ප්‍රදේශය මේවන විට සම්පූර්ණයෙන් හුදකලා කර ඇති අතර කිසිදු ප්‍රදේශයකට කිසිදු ආකාරයක ඇතුළු වීම් තහනම් කරනු ලැබ තිබේ.
මෙම තත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලොරි රථයකට ලබා දී තිබූ බලපත්‍රයක් ත්‍රීරෝද රථයක සවි කර ගෙන අකුරණ නගරයට පැමිණිමි අයෙකු මෙලෙස පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙයට අමතරව ඇඳිරි නීතිය කඩ කරමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
මෙම පුදගලයින් දෙදෙනාම දැනට සම්පූර්ණයෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
ලොරියකට ලබා දී තිබූ බලපත්‍රය ත්‍රිරෝද රියක ගසාගෙන අකුරණට ඇවිත්
Recommended Articles