(පාලිත ආරියවංශ)
බදුල්ල හන්වැල්ල පහලවත්තේදී අද (23) ලොරි රථයක ගැටී අනතුරට පත්වූ 85 හැවිරිදි කාන්තාවක් මිය ගිය බව බදුල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ආර්.එම්.ප්‍රේමාවතී නමැති කාන්තාවකි.
මෙම කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී ලොරි රථය පසුපසට ගන්නා අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
ලොරිය රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.