(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ලෙච්චුමන් භාරතිදාසන් මහතා අද (29) වැඩබාරගත්තේය.
ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නගර සභාවට තේරී පත් වු ලෙච්චුමන් භාරතිදාසන් මහතා එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
මීට පෙර තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද ඒ. අශෝක සේපාල මහතාගේ සභාපතිධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම නව පත්වීම සිදු කර තිබේ.
හිටපු සභාපතිවරයා සිදු කරන ලදැයි පැවැසෙන වංචා දුෂණ චෝදනා අටක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කොමිසමක් පත් කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වනතුරු හිටපු සභාපතිවරයා මෙසේ සභාපති තනතුරෙන් තාවකාලිකව දැනට ඉවත් කොට නව සභාපතිවරයෙකු පත් කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.