ලක්ෂ හතක හොරොයින් සමඟ 2 ක් පොලිස් දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (15) කලුතරදී අත්අඩංගුවට ගත්බව කලුතර උතුර පොලිසිය කියයි.

 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 23 ත් 25 ත් අතර වයස් වන පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය. 

එම සැකකරුවන් සමඟ ත්‍රී රෝද රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙත ඇත.
 
මත්කුඩු ග්‍රෑම් 26ක් ත්‍රි රෝද රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.