(බිමල් ශ්‍යාමන් ජයකොඩි)
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද(07) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සැකකරු හොරණ නර්ථනගල පදිංචි 25 හැවිරිදි තැනැත්තෙකි.
ඔහු සොරාගත් රන් මාල දෙකක්, පෙන්ඩනයක් සහ මුදුවක් ඔහුගේ නිවසේ තිබියදී පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් 4 වැනි දින සිය නිවසේ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් වඩු කාර්මිකයකු සහ අත් උදව්කරුවකු පැමිණි බවද, තම රන් භාණ්ඩ ඔවුන් සොරාගෙන ගොස් ඇති බවට සැක සහිත බවද, නිවසේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබේ. දින දෙකක් පැමිණි ඔවුන් තෙවන දිනයේ නොපැමිණි බවද එම පැමිණිල්ලේ සඳහන් වේ. සැකකරු අත්උදව්කරුවකු ලෙස පැමිණ තිබේ.
පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරාගත් රන් භාණ්ඩ කොටසක් උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබීයදී සොයාගත් බව පොලිසිය පවසයි.
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

