ලක්ෂ තුනක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින්  සිටි පුද්ගලයකු අද(09) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
 
එම සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 18ක් සහ මිලිග්‍රෑම් 670ක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
සැකකරු නැදිමාල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.
 
දෙහිවල පොලිසිය ලද තොරතුරක් අනුව රැක සිටි පොලිස් නිලධාරීන් යතුරු පැදිය නවතා සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඉණෙහි සඟවා සිටි මත්කුඩු තොගය හමු වූ බව පොලිසිය කියයි.
 
සැකකරු රඳවා තැබීමේ නියෝග මත ප්‍රශ්න කර මත්කුඩු රැගෙන ආ ස්ථානය හා ලබාදුන් පුද්ගලයන් කවරෙකුද යන්න හෙළි කර ගැනීම සඳහා කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.