ලක්ෂ 70ක කහ තොගයක් කල්පිටියෙන් අල්ලයි


(පද්මා කුමාරී කංකානම්ගේ)

නීති විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට රැගෙන  එමින් තිබූ කහ කිලෝ 2000 කට ආසන්න ප්‍රමාණයක්  කල්පිටිය දලුව ආශ්‍රත මුහුදේදී අද (12)අලුයම අත්අඩංගුවට ගත් බව පුත්තලම තම්බපණ්ණී නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට පත් කහ තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වේ.

කහ ප්‍රවාහනය සදහා යොදාගත් ධීවර යාත්‍රා දෙකක්, ගොඩ බිම  ප්‍රවාහනය සදහා යොදා ගැනීමට සූදානම් කර  තිබූ ලොරි රථයක් සහ සැකකරුවන් 6දෙනෙකු මේ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කල්පිටිය සහ  මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.සැකකරුවන් හා නඩු  භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිත ය.