ලක්ෂ 6 ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් නිතිවිරෝධි අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි තොග වශයෙන් අලෙවි කළ පුද්ගලයකු රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ බේරුවල දී අද (15) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.

එම සැකකරු සමඟ දුම්වැටි 8190 ක් පොලිසිය බාරයට ගෙන ඇත. පත්තේකඩේ ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොග වශයෙන් අලෙවි කරන බවට බේරුවල පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.