(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ල කෑ සිව්දෙනෙකුගෙන් යුතු කල්ලිය සහ ඊට සහය වූ තිදෙනෙකු කහතුඩුව හා බඩෝවිටදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
තියුණු ආයුධ හා සෙල්ලම් පිස්තෝලයක් රැගෙන අලෙවිසලට කඩා වැදී රන් භාණ්ඩ කොල්ල කා ඇතැයි අනාවරණය වී තිබේ.
ආභරණ කොල්ලයට සහය වූ සැකකරුවන් තිදෙනා අතර කාන්තාවන් දෙදෙනකුද වන බව පොලිසිය පවසයි.
ඉකුත් 13 වැනි දින සැකකරුවන් රන් භාණ්ඩ කොල්ලකෑම සිදුව ඇති අතර, සියලුම රන් භාණ්ඩ, ආයුධ, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් ද පොලිසිය සොයාගෙන තිබේ.
සැකකරුවන් අද(16) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



