සුමතිපාල දීයගහගේ
මාළු ව්‍යාපාරික කටයුතු සඳහා තම මිතුරෙකුගෙන් ලබාගත් රුපියල් විසි හයලක්ෂ හැත්තෑ පන් දහසක මුදල ආපසු නොගෙවා අගරු චෙක්පත් ලබාදී විශ්වාසය කඩ කිරිම සම්බන්ධයෙන් එම මාළු ව්‍යාපාරිකයා ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගාල්ල ගංගාරාම පාරේ පදිංචිකරුවෙකු වන සැකකරු ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වු මිතුරෙකුගෙන් මාළු ව්‍යාපාරික කටයුතු සඳහා මෙම මුදල වරින්වර ලබා ගෙන ඇතත් ඒ සඳහා අගරු චෙක්පත්ල බාදී තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.