ලක්ෂ 20ක මත්කුඩු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පෑලියගොඩ කළු පාලම අසලදී රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු සහ රුපියල් 120,000 කට අධික මුදල් සමග පුද්ගලයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුරු පළාත දිසා අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 102 සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 120,000 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.