ලක්ෂ 17 ක තහනම් දැල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට


 

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

පුත්තලම කලපුවේ නරිකුඩා හා පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ  නීති විරෝධි කුඩු දැල් යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් තිදෙනෙකු සමඟ ලක්ෂ 17 කට ආසන්න දැල් තොගයක් අත් අඩංගුවට ගත් බව  ධිවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නරිකුඩා හා පල්ලිවාසල්තුරේ පදිංචි ධීවරයෝ දෙදෙනෙකි.

කල්පිටිය විජය නාවුක කදවුරේ නිළධාරින් 10 දෙනෙකු හා නාවික යාත්‍රා තුනක් යොදා ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම  සහකාර ධිවර අධ්‍යක්ෂ එස්.පී.වික්‍රමආරච්චි මහතාගේ උපදෙස් මත   ධිවර නිළධාරින් එක්ව තිබිණි.

පුත්තලම කලපුව තුළ තහනම් නීති විරෝධි කුඩු දැල් යොදා ගනිමින් මසුන් මැරිම සදහා කලපුවේ දමා තිබූ යකඩ වලින් සැකසු කුඩු දැල් 122 ක් හා ලී වලින් සැකසු මඩි 42 ක් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබේ.

වැටලිම සදහා ධිවර හා ජලජ සම්පත් දෙපාර්තුමේතුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ ධිවර පරික්ෂකවරුන් එක්ව තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාර ධිවරයින් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.