ලක්ෂ 16 ක ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


සිතුම් චතුරංග

           

යාපනය සිට පුත්තලම දක්වා කැබ් රථයකින් රුපියල් ලක්ෂ 16 වටිනා කේරළ ගංජා කිලෝ 13 රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු  අද (28) අලුයම වවුනියාව, කනගරායන්කුලම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි.

කනගරායන්කුලම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැක කටයුතු කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එම රථයේ අසුන් යට සහ කැබ්නය තුළ සඟවා තිබූ කේරළ ගංජා සොයා ගෙන ඇත.

එසේ සඟවා කැබ් රථයේ තිබූ කේරළ ගංජා පාර්සල 13 ක් සොයා ගෙන ඇත.

යාපනය ප‍්‍රදේශයේ සිටින කේරළ ගංජා ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිලදී ගෙන පුත්තලම ප‍්‍රදේශයට රැගෙන යමින් සිටි බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 23 අතර වයසේ පසුවන්නෝ වෙති.