(සිතුම් චතුරංග)
කිලිනොච්චිය , ඉරණමඩු රක්ෂිතයේ නීති විරෝධී ලෙස කපන ලද රුපියල් ලක්ෂ 15 අධික වටිනාකමින්යුත් තේක්ක දැව කඳන් තොගයක් ලොරි රථයක සඟවා රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (18) කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
ගොම පොහොර ඇතුලත සූක්ෂම ලෙස සඟවා තේක්ක දැව කඳන් තොගය යාපනය ප්‍රදේශයට රැගෙ නයමින් සිටියදී අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
ඉරණමඩු රක්ෂිතයේ සිදුවන මහ පරිමාණ දැව ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාවෙත ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී දැව කඳන් තොගය හා ලොරි රථය සමඟ සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
අත්අඩංගුවටගත් ලොරි රථයේ ගොම පොහොර සමඟ සඟවා විශාල ප්‍රමාණයේ තේක්ක දැව කඳන් 36ක් පටවා තිබූ බව පොලිසිය පැවසීය.
සැකකරු යාපනය ප්‍රදේශයේ සිටින දැව ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා තේක්ක දැව කඳන් තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 පුද්ගලයකු වේ.