ලක්ෂ 80 ක කේරළ ගංජා මන්නාරමේ ඉඩමකින් ගොඩට


(  සිතුම් චතුරංග)

  මන්නාරම ,පේසාලේ ප්‍රදේශයේ නිවසක හා පාළු ඉඩමක්තුල වළදමා තිබූ රුපියල් ලක්ෂ අසූවක් වටිනා කේරළ ගංජා 50යි ග්‍රෑම් 780 ක් සමඟ පුද්ගලයකු අද (03) අලුයම ගොඩගත්  බව මන්නාරම පොලිසිය කියයි.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ දහයයි ග්‍රෑම් 780ක් සැකකරු පදිංචිව සිටි නිවසෙහි සඟවා තිබියදී සොයාගත් බව පැවසීය.

 අනෙක් කේරළ ගංජා කිලෝ 40 ප්‍රමාණය පේසාලේ ප්‍රදේශයේ සුසාන භූමියක් අසල වලදමා තිබියදී සොයාගත් බවද පැවසීය.

අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් කිසියම් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොට තිබියදී සොයාගත් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

සැකකරු මන්නරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයකු වේ.

අත්අඩංගුවටගත් සැකකරු හා කේරළ ගංජා තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලිසිය හා පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.