ලක් තානාපතිට සෞදියේ උපහාර


ලබන මස මැද භාගයේ සෞදි අරාබියෙන් නික්මයාමට නියමිත ශ්‍රී ලංකා තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතාට දමාම් නැගෙනහිර පළාත අයි ඩී ජී සී ආයතනය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව සෙනසුරාදා (21)  උපහාරයක් පැවැත්විය.

වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා තම   සේවා කාලය වන මාස 13 කදී  තුල ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කරනලද විශිෂ්ට සේවය වෙනුවෙන් මෙම උපහාර උළෙල සංවිධානය කැරිණි.

විශේෂයෙන්ම පසුගිය වසරේ සෞදි රජය විසින් ලබාදෙන ලද  පොදු සමාකාලය උපයෝගී තම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපාය නිසිලෙස ක්‍රියාත්මක කරමින් විසිදහසකට නොඅඩු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කරනලද අගනා මෙහෙවර වෙනුවෙන් ඔහුට උපහාර පිදිණි.

අයි ඩී ජී සී සහ පැමිණ සිටි පිරිස අමතමින් තානාපති ප්‍රකාශ කළේ තම සේවා කාලය තුල ලබාදුන් අනගිභවනීය සහාය වෙනුවෙන් සෞදි රජයටත් සහෝදර ශ්‍රී ලාංකික ප්‍රජාවටත් මාගේ බලවත් ප්‍රසාදය සහ ස්තුතිය පිරිනමන බවයි.ඔහු කෙන්යාවේ සහ තවත් අෆ්රිකා රටවල් කිහිපයක තානාපති ලෙස පිටත් වීමට නියමිතය.