(දියතලාව - ඩී.කේ.රත්න)
වැලිමඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක කොන්දොස්තරවරයෙකුට අද (6) බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පළේදී යාපනය සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනෙකු පහරදීම නිසා ලංගම බස්රථ කොන්දොස්තරවරයා දැඩි අසාධ්‍ය තත්වයෙන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල කොන්තෙහෙල දිගනතැන්න පදිංචි ලසිත් සන්දික කවිරත්න නැමති 27 ගැවිරිදි කොන්දොස්තරවරයෙකු මෙසේ පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කර තිබේ.
බස් රථවලට මගීන් නංවා ගැනීමේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදීමට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු විසින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Recommended Articles