රෝහල් අපද්‍රව්‍ය යාපනය නගරයේ තැන තැන දමා ගිහින්


( රොමේෂ් මධුෂංඛ)
යාපනයේ පෞද්ගලික රෝහලකින් ඉවතලන බෙහෙත් ඇතුලු අපද්‍රව්‍ය කිසියම් පිරිසක් විසින් නගරයේ තැනින්තැන දමා ගොස් තිබේ.
 

මේ පිළිබදව යාපනයේ මහජන පරික්ෂක වරුන් ඇතුලු ආරක්ෂක අංශ විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මීට මාස දෙකකට පමණ ඉහතදීද මේ ආකාරයටම රෝහලකින් ඉවත ලන ලද  සියළුම අපද්‍රව්‍ය යාපනය නගරයේ ස්ථාන කිහිපයක දමා ගොස් තිබුණි.

 
 යාපනයේ ස්වේච්ඡා සංවිධාන හා සාමාන්‍ය වැසියන් විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ යාපනයේ පෞද්ගලික රෝහලකින් ඉවත දමන ලද අපද්‍රව්‍ය යාපනය නගරයේ මෙලෙස අවධිමත්ව දමා යාම මගින් දැඩි සෞඛ්‍ය ගැටලු අවධානමක් පවතින හෙයින් වහාම අදාල පිරිස් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.