ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන වෙසක් සමරු වැඩ සටහනේ දෙවන අදියර 30 වැනිදා පස්වරු 2 සිට 4 දක්වා රෝමයේ ලෝක ආහාර හා කෘෂිකර්ම මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ආහාර හා කෘෂිකර්ම මුලස්ථානයට අඑතුළුවිම සදහා කලින් අවසර පත්‍ර ලබා ගත යුතු බැවින් ඊට සහභාගී වීමට කැමැත්තක් දක්වන අය පහත දුරකථන අංකයන්ට කතා කර පැමිණීම තහවුරු කරන ලෙස තානාපති බෙනට් කුරේ මහතා පවසයි.
සුදුවතින් සැරසී සුදු හෝ කහ මල් රැගෙන පැමිණෙන ලෙසත් පස්වරු 1.45 ට ප්‍රථම උත්සව ශාලාවේ අසුන් ගන්නා ලෙසත් අනන්‍යතාවය තහවුරු කිරීම සදහා ඡයාරුපය සහිත හැදුනුම්පතක් හෝ ගමන් බලපත්‍රය රැගෙන එන ලෙසත් තානාපති කියයි.
විමසීම් - 06 8810801,06 8554560 කුමුදුනි , 06 8554579 අයිරාංගනී