රේල් පීලී ඇණ ගැලවූ අයෙක් සහ ඒවා මිලදීගත් පුද්ගලයා අත්අඩංගුවට



 
(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව ප්‍රදේශයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පිලි 9 ඇණ එකසිය හැත්තෑවක් ගැල වූ සැකකරුවකු සහ එය මිලදී ගත් සැකකරු යන දෙදෙනාම අද (6) අඩංගුවට ගත් බව මොරටුවේ එගොඩ උයන පොලිසිය පවසයි.
 
 සැකකරු පීල්ලක ඇණ ගලවමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
 අදාළ සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙක් බව පොලිසිය පවසයි.

ඇණ ගලවන්නා සොයා අවස්ථා ගණනාවකදී පොලිසිය විසින් ප්‍රදේශයේ සෝදිසි කළද ඇති අතර එවැනි අවස්ථාවකදී යකඩ බඩු මිලදී ගන්නාට දුම්රිය මාර්ගයේ ඇණ රැගෙන ආවොත් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙස පොලිසියෙන් අවවාද කර තිබියණු බව පොලිසිය  පැවසීය.

හොරබඩු මිලදී නොගන්න යැයි දැණුවත් කර තිබියදී ඔහු විසින් ඉතා රහසිගතව ඇණ මිලදීගෙන තිබූ බව පොලිසිය පවසයි.

 ඒ අනුව බඩු විකුණූ සැකකරු සහ මිලදී ගත්  අදාළ යකඩ බඩු කඩයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන මොරටු අධිකරණය හමුවට ඉදිරිපත්  කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.