(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
තත්ව සහතික කිරීම සහ ප්‍රතීතනය කිරීමේ මුවාවෙන් රජය විසින් ගෙනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට විරෝධය දැක්වීම වෙනුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මෙහෙයවූ උද්ඝෝෂණයක් අද (24) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණයට රුහුණ විශ්ව විද්‍යාලීය වෛද්‍ය සිසුහු, උළුවිටිකේ සම සෞඛ්‍ය විද්‍යා සිසුහු සහ හපුගල ඉංජිනේරු පීඨ යන පීඨවලින් පැමිණි සිසුහු විශාල සංඛ්‍යාවක් එක්ව සිටියහ.



