(ටෝනි කරුණානායක)
ලක්ෂ 60ක් පමණ වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථයක් පැහැරගැනීමේ සිද්ධියකට අදාළව පුද්ගලයකු ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අද (30) නියෝග කළේය.
සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින් රුපියල් 10700ක් වැනි මුදලකට රියදුරු සමග එම මෝටර් රථය කුලියට ගෙන මාතලේ ගොස් ඇති අතර මාතලේ මහවෙලදී එහි රියදුරු බැඳ මෝටර් රථය පැහැරගෙන මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයට ගෙනවිත් තිබේ.
යකහටුව ප්‍රදේශයේ වත්තක සැකකටයුතු වාහනයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය මෙම රථය සොයාගෙන ඇත.පොලිසිය එහි යන අවස්ථාවේ එහි සිටි එක් අයෙකු පළාගොස් ඇති අතර එක් සැකකරුවකු මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.