රිය බලපත් අත්හිටවූ අයකු රිය පැදවූවාට අනිවාර්ය සිරදඬුවම්


බිමල් ශ්‍යාමන් ජයසිංහ

අධිකරණයකින් රිය බලපත්‍රය අත්හිටුවා තිබියදී මෝටර් රථයක් පදවා රිය අනතුරක් සිදුකළ  පුද්ගලයකු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් 40,000 ක දඩයක් හා මාස තුනක අනිවාර්ය සිරදඬුවමක් නියම කිරිමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් නියම කිරිමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස දඩ හා සිරදඬුවම් නියම වුයේ  බණ්ඩාරගම විදාගම - වලව්වත්ත පදිංචි කංකානම්ගෙදර සුපුන් තාරක නැමැත්තාටය.